ඔබගේ ගෙවත්තේ බෝග කප්පාදු කිරීම
කාලයත් සමඟ ඔබගේ ගෙවත්තේ බෝග කප්පාදු කිරීමට ද අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු වේ.
කප්පාදු කිරීම
නිසිකලට බෝග කප්පාදු කරන්න. විශේෂයෙන්ම අඹ වැනි පලතුරු බෝග වල ගස තුළට අනවශ්‍ය ලෙස සෙවන ඇතිවන වැඩී ඇති අතු ඉවත් කරන්න.
දෙහි, දොඩම් බෝග වල දිය රිකිලි ඉවත් කරන්න. රෝග හා කෘමි හානි බහුලව ඇති ශාක කොටස් කප්පාදු කර ඉවත් කරන්න
දිගින් දිගටම බෝග හා අනෙකුත් අංග ගෙවත්තට ඇතුලත් කිරීම සුදුසු වෙනවා. වසර 5 ත් 10ත් අතර කාලයකදී ඔබේ ගෙවත්ත යලි සැලසුම් කිරීම කළ යුතුයි
ගෙවත්තේ සියළු කටයුතු කලට වේලාවට ඉටු කිරීම වැදගත්. ගෙවත්තක් පවත්වාගෙන යන්නේ අපේ එදිනෙදා කටයුතුවලට අමතරවයි.
ගොවි උපදෙස්