කාබනික පොහොර
කාබනික පොහොර
දිරාපත්වන සියළු දෑ කාබනික පොහොර ලෙස සරලව හැඳින්විය හැකියි.
කාබනික පොහොර නිරන්තරව එක්කිරීම පසෙහි ආරකෂාව හා පෝෂණය දිගුකාලීනව රැඳීමට හේතු වෙනවා.
එවිටදිගින් දිගටම බෝග වගා කලත් හොඳ අස්වැන්නක් ලබාගත හැකියි.
කාබනික පොහොර වර්ග:
- සත්ත්ව පොහොර
ගොම, එළු හා කුකුල් පොහොර ගෙවත්තට එක් කළ හැකියි. මෙම පොහොර බෝගවගා කරන පාත්තිවලට හෝ වල්වලට ප්‍රමාණවත් පරිදි එක්කරන්න.
කුකුල් පොහොර යොදා ගන්නේ නම් පොහොර යොදා දින තුනක් පමණ ගෙවුනු පසු පැළ හෝ බීජසිටුවීම කළයුතුයි. - කොළ පොහොර
ඉක්මනින් දිරාපත් වන, වැඩි කොළ අස්වැන්නක් ඇති ග්ලිරිසීඩියා ශාක කොළ පොහොර ලබා ගැනීමට වඩාත් සුදුසුයි.
කැප්පෙටියා, පිල, කැකුණ, ඉපිල් ඉපිල් හා වල් සූරියකාන්ත වැනි ශාකවල අතුද කොළ පොහොරක් ලෙස හෝ කොම්පෝස්ට් පොහොර ලෙස සෑදීම සඳහා භාවිතා කළ හැකියි. - කොම්පෝස්ට් පොහොර
දිරාපත්වන ඕනෑම ද්‍රව්‍යයක් කොම්පෝස්ට් සෑදීම සඳහා යොදාගත හැකියි. උදා :-
– ගෙවත්තේ එකතුවන වියළි ශාක පත්‍ර
– ගලවා දමනු ලබන වල් පැළෑටි
– කුස්සියෙන් ඉවත්කරන එළවළු හා පලතුරු ශේෂ
– පොල් කුඩු හා තේ කොළ
– ලිපෙන් ඉවත් කරන අළු
– වැටවල් හා ගස් කප්පාදු කිරීමෙන් ලැබෙන කොළ
– සත්ත්ව වසුරු - ගැඩවිලි පොහොර
ඔබේ ගෙවත්තෙත් ගැඩවිලූන් රැ ගැඩවිලි පස් දකින්න ලැබෙනවා නම් එය ගෙවත්තේ පස සරු බවට සාධකයක්.
කාබනික පොහොර
ඉතාමත්ම හොද වැඩසටහනක්. කාබනික දියර පොහොර සාදාගැනීම පිලිබදව ලිපි පෙලක් සදහන් කරන්න. ස්තූතියි
මුලින්ම වගාවන්ට යොමු වන අප වැනි අය සදහා, පාත්තියක් සකස් කර ගැනීම, එය පවත්වා ගෙන යන අකාරය, බීජ වැපිරීම කල යුතු ආකාරය, පොහොර එකතු කල යුතු කාලය, හිරු එලිය හා හෙවන, වෙනත් කෘමි සතුන්ගෙන් සිදු විය හැකි උවදුරු වලක්වා ගැනීම, ජලය ලැබිය යුතු කාල සීමව වැනි වැදගත් කරුණු දැනුවත් කිරීමට හැකියවක් ඇත්නම් හුගක් සාර්ථක වනු ඇත. එමගින් මුල සිට නිවැරදිව වගාවන් කෙරෙහි යොමු වීමටත්, මුදලත්, මහන්සියත්, කාලයත් අපතේ නොයා, ඵලදායී ලෙස මෙම වැඩසටහනේ අරමුන කර ලගවීමටද හැකිවනු ඇත.