කොම්පෝස්ට් බැරලය භාවිතයෙන් කොම්පෝස්ට් පොහොර නිපදවීම
ඔබගේ ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා කොම්පෝස්ට් බැරලය භාවිතයෙන් කොම්පෝස්ට් පොහොර සාදාගත හැක. බැරලයක් භාවිතයෙන් කොම්පෝස්ට් නිපදවීම ඉඩකඩ ඉතා අඩු නාගරික ගෙවත්තට වඩා සුදුසුයි. මෙය ඉතා සරල ක්‍රමයක්.
කොම්පෝස්ට් බැරලය
මෙම ක්‍රමයට කොම්පෝස්ට් නිපදවීම සඳහා අඩිය සම්පූර්ණයෙන්ම ඉවත්කරන ලද බැරලයක් හෝ වෙනත් භාජනයක් භාවිතා කල හැකියි.
කොම්පෝස්ට් සාදන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් වායුව ලබාදීම සඳහා බැරලයේ බඳ වටේට සිදුරු සකස් කළ යුතුයි. මේ ආකාරයට සකස්කළ කොම්පෝස්ට් බැරල් ඔබට වෙළඳපොලෙන් මිලදී ගැනීමටත් පුළුවන්.
කොම්පෝස්ට් බැරලයට ගෙවත්තේ එකතුවන කොළ රොඩු, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය හා අළු දිනපතාම එකතු කරන්න. බැරලය තුළ කොම්පෝස්ට් නිපදවීමට ප්‍රමාණවත් තරම් තෙමනයක් ඇතිවන සේ ජලය එකතු කරන්න.
සති තුනක් පමණ ගතවුනාට පසුව බැරලය සෙන්ටි මීටර් 15ක් පමණ පොළොවෙන් ඔසවා ගල් කිහිපයක් මත තබන්න. එවිට ඒවන විට කොම්පෝස්ට් බවට පත්වෙලා තියෙන කොටස ප්‍රයෝජනයට ගත හැකියි.
බැරලය එසේම තිබියදී හෝ නැවත වරක් පෙර සේ තබා අමුද්‍රව්‍ය පිරවීම හා වරින්වර කොම්පෝස්ට්ලබාගැනීම කළ හැකියි.
පස පිළිබඳව
I would like to get composed bin to start up with my home garden.Please advice me.Thank you, Jonathan Solomon.
ඉතා කාලෝචිත ක්‍රියා මාර්ගයක්. ගොවි උපදේශකවරුන් හරහා නිරන්තරයෙන් වගා කරුවන් දැනුවත් කරන්න.
බොහොම වටිනා සේවයක් මෙම වෙබ් අඩවිය. අවශ්‍ය අයට බීජ මෙන්ම කොම්පෝස්ට් බදුන් මිලදී ගැනීමට මෙමගින් පහසුකම් සැපයීමට හැකි නම් බොහෝ වටිනවා.
කොම්පෝස්ට් බදුනක් මිලට ගැනීමට අවශ්‍යයි, මිල කොපමනද
What is the different between this method and “Bokashi” method?
නාගරික අපහට සහන මිලකට මෙම බැරල ලබාගැනීමට පහසුකම් සලස්වන්න. එවිට පොහොර අවශ්‍යතාවයද සපුරාලිය හැක.