සීමිත ඉඩකඩ
විශේෂයෙන්ම ඉඩකඩ සීමිත අවස්ථාවලදී සිරස් ඉඩ උපරිමව භාවිතයට ගතහැකි ක්‍රම ලෙස
T
- වගා කුළුණු
පෝර බෑග් එකක් මැදට තැනින් තැන කුඩා සිදුරු විදින ලද උණ බටයක් ඇතුළු කර
ඉතිරි ඉඩ වගා මාධ්‍ය යෙන් පුරවා ගන්න.
මේ වගා මාධ්‍ය වියළි ගොම, එළු පොහොර, කොම්පෝස්ට් සහ කොළරොඩු දහනය
කළ පසු ඉතිරි වන අළු සමඟ පස් කළවම් කරගෙන සාදා ගන්න.
පොහොර උරයේ තැනින් තැන ඇතුලු කළ උණ බට කැබලි වල පැළ සිටුවා ගන්න.
දින දෙකකට වරක් ජලය උණ බටයට පිරවීම ප්‍රමාණවත් වේ.
උණ බටය හරහා පුරවන ලද ජලය වගා මාධ්‍යයට සෙමින් කාන්දු වී මාධ්‍යය යේ ඇති
පෝෂක ද්‍රව්‍ය. පැළයට ලබා ගැනීමට උපකාරී වේ. - උණ බටයේ වගාව
තවත් සරල තාක්ෂණික ක්‍රමයක් ලෙස උණ බටය භාවිතා කර වගා කිරීම
හැදින්විය හැක.
වියළි ගොම, කොම්පෝස්ට් පොහොර, එළු පොහොර සහ කොළරොඩු පුළුස්සා
ඉතිරි වන අළු සමඟ ඇති පස් කලවම් කර ගැනීමෙන් වගා මාධ්‍යය සාදා ගන්න.
උණ බටයේ තැනින් තැන කවුළු සාදා උණ බටය සම්පූර්ණයෙන්ම වගා මාධ්‍යයෙන්
පුරවා ගන්න. - වගා මළු
මැටි බදුන්, ප්ලාස්ටික් පෝච්චි, සිමෙන්ති පෝච්චි ඉවතලන හාල් මළු යන ආදිය බෝග
වගා කිරීම සදහා යොදා ගන්න.
මේ සදහා වගා මාධ්‍ය ලෙස සම ප්‍රමාණයේ මිශ්‍ර කළ කොමිපෝස්ට් පොහොර හා
මතුපිට පස් යොදා ගත හැකි අතර පස් සමග කොහුබත් මිශ්‍රකර ගතහොත් එය වගා
මල්ලේ පරිහරණයට පහසුවක් වන අතර තෙතමනය රදා ගැනීමට උපකාරී වේ.
නිවස ආශ්‍රිතව ආලෝකය ලැබෙන ප්‍රමාණය අනුව වගා මල්ල තබන ස්ථානය
වෙනස්තළ හැක. - වගා රාක්ක
ඉහලින් සරනේරු වලින් සම්බන්ධකළ හැකි වන සේ හේත්තුකොට පිහිටුවාගත් රාමු
දෙකක් මත හරස් අතට පිහිළි පද්ධතියක් සවි කොට වගා රාක්ක සාදා ගත හැක.
දැව රාමු මත උණ බම්බු පිහිළි හෝ වඩාත් කල්පවතින සේ G.I බට යොදා නිමවු රාමු මත
පී.වී.සී. පිහිළි මේ සදහා යොදා ගත හැක.
කොහුබත් හා කොම්පෝස්ට් පොහොර මිශ්‍ර කොට සෑදු මාධ්‍යයෙන් රාක්ක (පිහිළි )
පුරවා ගන්න.
මාධ්‍යට යොදන ජලයේ වැඩිමනත් කොටස බැස යාමට පිහිළි පහළින් කුඩා සිදුරු සකස්
කර ගන්න.
රාක්ක දෙකක් අතර පරතරය අඩියක් වීම සුදුසුය.
- වගා බිත්ති
නාගරික නිවස ආශ්‍රිතව පවතින කොන්ක්‍රීට් හෝ ගඩොල් බිත්ති ඉදිකරන
මෙහොතේ ඒවාට සම්බන්ධව පිටතට සවිවී තිබෙන “L” ආකාර යකඩ ආධාරක
නිර්මාණය කිරීමෙන් වගා බදුන් රැදවීම සදහා ආධාරකයක් පිළියෙල කර ගත හැක.
හිස්ව පවතින සිරස් බිත්තියේ ඉඩකඩ මෙහිදී ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනේ. - බඳුන්වල වගාව
බදුන් සකස් කරගැනීමේදී, ලීටර 30-40 ප්‍රමාණයේ බඳුන් තෝරාගන්න.
බඳුනේ පතුලේ හා පතුලට අඟල් 2-3 ඉහලින් ජල වහනය පහසු කරවීමට 1”
ප්‍රමාණයේ සිදුරු 10-12 ක් සාදාගන්න.
බඳුනේ පතුලට අඟල් 3-4 ප්‍රමාණයේ ගඩොල් / උළු කැබලි තට්ටුවක් යොදන්න
ඉන්පසු බඳුන, බඳුන් මිශ්‍රණයේ මතුපිට (පස්: වැලි: ගොම හෝ කොම්පෝස්ට් 1:1:1
අනුපාතයට) පුරවා සුදුසු පැළයක් සිටුවා ගන්න.
සීමිත ඉඩකින් ගෙවතු වගාව
[ninja_form id=’2′]
Test comment
මුලින්ම වගාවන්ට යොමු වන අප වැනි අය සදහා, විස්තර මෙන්ම රුප හෝ පින්තූර එක් කිරීමට හැකියාවක් ඇත්නම් බොහෝ ප්‍රයොජනවත් වේ යැයි සිතේ.
Brilliant. Congratulations